Tuesday, March 13, 2012

Jet Audio කියන්නෙ ඉතින් සුපර් ප්ලෙයර් එකක්.. සිංහල සබ් වලට එහෙම සුපිරියටම සපොර්ට්.. එවගෙම සවුන්ඩ් පට්ට කොලිටියි. ඉතින් මම අද දෙන්න යන්නෙ මෙකෙ අලුත්ම එක.. එහෙනම් ඔන කට්ටිය පහල ලින්ක් එකෙන් බාගන්න.

Monday, March 12, 2012

windows 8 පෙර සංස්කරනය භාවිතය

දැනට පලවන තොරතුරු වලට අනූව 2012  දෙවන භාගය වන තෙක් වින්ඩෝස් 8 හි අවසන් සංස්කරනය නිකුත් නොවනු ඇත. එසේ මුත් මෑතකදී  මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් "සංවර්ධකයන් සදහා වන පෙර සංස්කරනයක්" නිකුත් කරන ලදී. එය මේ වනවිට මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් නොමිලේ ඔනෑම අයෙකුට ලබාගත හැකිව ඇත.
මද ගැටලු කාරීබවක් මෙන්ම අසම්පූර්න බවකින් යුත් මෙම සංස්කරනය සහය දක්වනුයේ පූර්න ස්ථාපනයකට පමනී. ස්ථාපනය කල පසු මෙම පෙර සංස්කරනය පරිගණකයෙන් ඉවත්කිරීමට නම් බොහෝ විට  එම දෘඩාංග තැටි කොටස  සදහා ෆෝර්මැටයකට යාමට සිදුවනම අතර ඒ සදහා මයික්‍රසොෆ්ට් ආයතනයේ තාක්ශනික සහයක් බලාපොරොත්තු නොවිය යුතුය.
වින්ඩෝස් 7 ධාවනය කලහැකි මට්ටමේ ඔනෑම පරිගණකයකට වින්ඩෝස් 8 පෙර සංස්කරනය ස්ථාපනය කල හැනිවන අතර එහි අඩංගුවෙතැයි පැවසෙන සමහර නවාංගයන් අත්හදා බැලීමේ අවස්තාව මේ තුලින් ලබා ගත හැකිවනු ඇත. මෙහිදී ඔබ සතුව වෙනම දෘඩංග තැටියක් නැතිනම් නොමිලේ ලබා ගත හැකි  "වර්චුවල් බොක්ස්" මෘදුකාංගයක් ඇසුරෙන් පහසුවෙන් දැනට ඔබ භාවිතා කරන පරිගණකය මතම සිට මෙම වින්ඩෝස් 8 අතදැකීම ලබා ගන්නට හැකිවනු ඇත.
http://msdn.microsoft.com/en-us/windows/apps/br229516

  ඔස්සේ පිවිස මයික්‍රොසොෆ්ට් ආයතනයේ වෙබ් අඩවියෙන් මෙම වින් 8 සංස්කරනය ලබා ගත  හැකිවන අතර බිට්-32 හෝ  64 සංස්කරන අතරින් ඔබට අවශ්‍ය සංස්කරනය තොර ගත යුතුවන අතර 64 බිට් සංස්කරනය ගිගා බයිට් 3.6 කින්ද 32 බිට් සංස්කරනය  ගිගා බයිට් 2.8 කින්ද සමන්විත වනු ඇත. මෙම ලබා ගැනුම අයි.එස්.ඔ ආකාරයේ ගොනුවක් වන අතර එය පරිගණකයට ස්ථාපනය කිරීම සදහා ප්‍රතමයෙන් ඩී.වී.ඩී තැටියකට ස්ථාපනය කල හැකි මට්ටමේ ගොනුවක් ලෙස සකස් කර ගත යුතු වනවා.

 මෙම වින්8 පෙර සංස්කරන ස්ථාපනය  වර්චුවල් බොක්ස් ආකාරයේ ස්ථාපනයක් සදහා නම් අදාල මෘදුකාංගය www.virtualbox.org නම් වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකිවන අතර වඩාත්ම නවීන සංස්කරනය ලබා ගැනීම වැඩි පහසුවක් වනු ඇත.

STOPZilla! v5.0.82.1 | Mediafire | ඇඩ් වලට විසදුමක්.

මෙ සොෆ්ට්වෙයා එක ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට හුගක් වැදගත් වෙනවා.. මොකද මෙක ඇන්ටිවයිරස් වැඩ සටහනකටත් වඩා ආරක්ශාවක් ලබා දෙනවා ස්පයිවෙයා වලින්. එ වගෙම ස්පයිවෙයා විනාශ කර දමන්නත් හැකියාව මෙ සොෆ්ට්වෙයා එකට තියෙනවා. එවගෙම

  • ඉන්ටර්නෙට් එකෙ තියෙන පොප් අප් ඇඩ්ස් බ්ලොක් කරනවා.
  • ඇඩ්වෙයා වලින් ආරක්ශා කරනවා.
  • පිශින් සයිට්ස් වලින් සහ පිශින් Attack වලින් ආරක්ශා කරයි.
  • කුකිස් සහ හිස්ටරි පහසුවෙන් මකා දැමිමට ඉඩ සලසා දෙයි.
එහෙනම් බාගන්න කටිටිය පහල ලින්ක් එකෙන් බාගෙන, කමෙන්ට් එකකුත් දාල ම යන්න.